[:en]Things You Must Know Before Starting Your New Website[:si]නව වෙබ් අඩවියක් ආරම්භ කිරීමට පෙර, ඔබ දැන සිටිය යුතු කරුණු[:]

[:en]dinooz+web+solutions+web+design+development

Looking to create your new business website, online portfolio or your new blog site? This article will help you to understand all requirements, we must have before hired a web designer / developer for your web project.

These are 2 basic things we must buy before start your new website.

  1. A Domain Name.
  2. A Web Hosting Account.

First you must buy a “Domain name” for your website. Domain name is an unique address that helps visitors to identify your website from all other websites.

Few examples for “Domain Names”

  • google.com
  • facebook.com
  • yahoo.com
  • dinooz.com

And the second thing is a “Web Hosting account”.

“Web Hosting” is a place that stores all our website files. You can buy both “Domain Name” and “Web Hosting” from same hosting provider. According to our experience, “Hostgator” provides a best quality web hosting service. It is fast and reliable. We always recommend  “Hostgator” web hosting for all our customers.

Step 01 : Click on following banner and open “Hostgator” site.

dinooz+web+solutions+hostgator+banner

Step 02 : Click on “Get Started!” button after “Web hosting made EASY and AFFORDABLE” sentence.

dinooz web solutions - choose hosting plan

Step 03 : Click on “Buy Now” button under “Hatchling Plan”.

dinooz web solutions select plan

Step 04 : Add a domain name for your new website under “Enter Your Domain” section. “Hostgator” will show availability of selected domain name. If your domain name not available, please try by change it to another name.

Step 05 : Add / Select required details to “Choose a Hosting Plan” and “Enter Your Billing Info” sections. You may deselect all points under “Add Additional Services” if unnecessary.

After complete payment process you will receive cPanel login details to your email. Your web developer will ask for cPanel login details to setup your new website.

You can buy all these services from Dinooz Web Solutions only for $5 / month. We will provide your domain name for free also you may pay your hosting fee ($5) monthly. With Dinooz you should not worry about manage your Domain name, cPanel or about your website. Dinooz Web Solutions team will setup, manage everything for you![:si]dinooz+web+solutions+web+design+development

ඔබත් ඔබගේ ව්‍යාපාරය සදහා, ආයතනය සදහා හෝ පෞද්ගලික භාවිතය සදහා නව වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට බලාපොරොත්තු වන්නේද? මෙම ලිපිය මගින්, ඔබගේ නව වෙබ් අඩවිය නිර්මාණය කිරීමට, වෙබ් අඩවි නිර්මාණකරුවෙකුට හෝ ආයතනයකට භාර දීමට පෙර ඔබ විසින් දැන සිටිය යුතු මුලික කරුණු පිලිබදව සාකච්ජා කරේ.

වෙබ් අඩවි වර්ග.

අන්තර්ජාලයේ සියලු වෙබ් අඩවි ප්‍රධාන වර්ග කිහිපයකට බෙදා වෙන් කල හැකිය. මේ අතරින් ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන වෙබ් අඩවි වර්ගය තෝරා ගැනීම, වෙබ් අඩවිය නිර්මාණය කරන ආයතනයට ඒ පිලිබදව විස්තර කිරීමට යාමේදී වඩාත් පහසුවක් වනු ඇති.

1. Business Websites (ව්‍යාපාරික වෙබ් අඩවි)
2. eCommerce Websites. (අන්තර්ජාල ගෙවීම් පහසුකම සහිත වෙබ් අඩවි)
3. Blog / News Websites. (බ්ලොග් / පුවත් වෙබ් අඩවි)
4. Educational Websites. (අධ්‍යාපනික වෙබ් අඩවි)
5. Social media Websites. (සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවි)
6. Non Profit Websites. (ලාභ නොලබන ආයතන සදහා වෙබ් අඩවි)
7. TV or video streaming Websites. (වීඩියෝ / සජීව විකාශ සහිත වෙබ් අඩවි)

වෙබ් අඩවි නිර්මාණයේදී භාවිත කරන තාක්ෂණය

වෙබ් අඩවියක් බොහෝ විට HTML, PHP, CSS, JavaScript වැනි පරිගණක භාෂා කිහිපයකින් සමන්විත වේ. අතීතයේදී මෙම පරිගණක භාෂා වලට අදාල කේත, එකින් එක අතෙන් ටයිප් කර (Hand Coding), පාරිභෝගිකයාට අවශ්‍ය වෙබ් අඩවිය නිර්මාණය කල අතර, ඒ සදහා විශාල කාලයක් මෙන්ම ශ්‍රමයක් ද වැයවුනි. අද වන විට වෙබ් අඩවි නිර්මාණයේදී භාවිත කල හැකි “පෙර සැකසු වෙබ් අඩවි මෘදුකාංග” වඩාත් ප්‍රචලිත වී ඇති අතර, මේවා භාවිතයෙන් ඉතා කෙටි කාලයක් තුල සම්පූර්ණ වෙබ් අඩවියක් නිර්මාණය කර අවසන් කිරීමට අවස්ථාව සැලසී ඇත. WordPress, Joomla, Drupal, Magento හා Blogger, “පෙර සැකසු වෙබ් අඩවි මෘදුකාංග” කිහිපයකට උදාහරණ ලෙස ගත හැකිය. මේවා අතරින් WordPress අද ලෝකයේ වඩාත් ප්‍රචලිතය.

වෙබ් අඩවිය සදහා WordPress Framework එක භාවිතා කිරීමේ වාසි.

ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම සදහා WordPress තෝරාගැනීමෙන් ඔබට හිමිවන වාසි රැසකි.
1. WordPress, wordpress.org වෙබ් අඩවිය හරහා නොමිලේ බාගත කර ගත හැකි මෘදුකාංගයකි.

Download WordPress

2. WordPress සදහා නිර්මාණය කල WordPress themes රාශියකි. WordPress theme එකක් මගින් වෙබ් අඩවියේ ආකෘතිය හා වර්ණ සංකලනය තීරණය කරයි. මේවාද wordpress.org හරහා නොමිලයේ ලබා ගත හැකි අතර, අවශ්‍යතාවය අනුව themeforest.net වැනි වෙබ් අඩවි හරහා මිලදී ගැනීමටද හැකියාව ඇත.

Download WordPress Themes

3. WordPress වෙබ් අඩවියකට විවිධාකාර ගතිගුණ / පහසුකම් ඇතුලත් කිරීමට WordPress plugins භාවිතා කෙරේ. නොමිලයේ ලබාදෙන plugins 54,000 කට අධික ප්‍රමාණයක් wordpress.org වෙබ් අඩවිය හරහා බාගත කර ගත හැකි අතර මිලදී ගත හැකි premium plugins ද අන්තර්ජාලය හරහා ඉතා පහසුවෙන් සොයාගත හැකිය.

Download WordPress Plugins

4. සෑම WordPress වෙබ් අඩවියකම Administrator Dashboard එකක් අඩංගු වන අතර, එය හරහා වෙබ් අඩවියේ නඩත්තු කටයුතු තමා විසින්ම සිදු කර ගැනීමේ හැකියාව පවතී.

5. WordPress භාවිතා කර වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට හා එය නඩත්තු කිරීමට පරිගණක භාෂා දැනුම අත්‍යවශ්‍ය නොවේ.

වෙබ් අඩවියක් ඇරඹීම සදහා අත්‍යවශ්‍ය දෑ.

වෙබ් අඩවියක් ආරම්භ කිරීම සදහා අත්‍යවශ්‍ය කරුණු 2 කි.

  1. Domain Name එකක්.
  2. Web Hosting Account එකක්.

“Domain name” එකක් යනු එක වෙබ් අඩවියක් තවත් වෙබ් අඩවියකින් වෙන් කර හදුනා ගැනීමට භාවිතා කරන ලිපිනයකි. එක් domain name එකක් භාවිතා කල හැක්කේ එක් වෙබ් අඩවියක පමණි. Domain names සපයන ආයතනයකින් ඔබගේ වෙබ් අඩවිය සදහා ඩොමින් නමේ එකක් මිලදී ගත යුතු අතර එය අවුරුද්දක් පාසා මුදල් ගෙවා අලුත් කල යුතුය.

පහත දැක්වෙන්නේ “domain names” සදහා උදාහරණ කීපයකි.

  • google.com
  • facebook.com
  • yahoo.com
  • dinooz.com

දෙවනුව ඔබේ වෙබ් අඩවියේ අඩංගු ගොනු (HTML files, PHP files, JavaScript files, CSS files, ජායාරුප, වීඩියෝ වැනි දෑ) තැම්පත් කර තැබීමට “Web Hosting” account එකක් අවශ්‍ය වේ. මෙයද web hosting සපයන ආයතනයකින් මිලදී ගත හැකි අතර මසක් පාසා මුදල් ගෙවා අලුත් කල යුතුය.

බොහෝ විට domain name එක හා web hosting account එක එකම ආයතනයකින් මිලදී ගැනීමේ හැකියාව ඇත. අපගේ අත්දැකීම අනුව Hostgator ආයතනය වඩාත් හොඳ සේවාවක් ඔවුන්ගේ පාරිභෝගිකයන් හට සපයන බැවින් Hostgator හරහා domain name එකක් හා web hosting account එකක් මිලදී ගන්නා ආකාරය මෙහි විස්තර කරන්නෙමු.

පියවර 01 : පහත banner එක මත click කර Hostgator වෙබ් අඩවියට පිවිසෙන්න.

dinooz+web+solutions+hostgator+banner

පියවර 02 : එවිට පිවිසෙන වෙබ් පිටුවේ ඉහලින්ම ඇති “Get Started!” බොත්තම මත click කරන්න.

dinooz web solutions - choose hosting plan

පියවර 03 : දැන් “Hatchling Plan”යටතේ ඇති “Buy Now” බොත්තම මත click කර ඉදිරියට යන්න.

dinooz web solutions select plan

පියවර 04 : දැන් ඔබගේ නව වෙබ් අඩවිය සදහා domain name එකක් “Enter Your Domain” යටතේ තෝරා ගත යුතුය. ඒ සදහා ගැලපෙන නමක් ඇතුලත් කර එය මිලදී ගැනීමට ඇති බව තහවුරු කරගෙන එහි මිල ගණන් පරික්ෂා කර බලන්න.

dinooz-web-solutions-select-plan

පියවර 05 : “Domain Privacy Protection” යන්න තේරීම අත්‍යවශ්‍ය නොවන නමුත් ඒ සදහා මුදල් නොගෙවීමෙන් ඔබගේ පෞද්ගලික විස්තර (නම, ලිපිනය, දුරකථන අංකය) whois data යටතේ අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්වේ.

dinooz-web-solutions-select-plan

පියවර 05 : දැන් ඔබගේ hosting account එක සදහා username එකක් හා pin අංකයක් “2 Choose a Hosting Plan” යටතේ ඇතුලත් කරන්න.

පියවර 06 : ඉන් පසු ඔබගේ මිලදී ගැනීමේ තොරතුරු “Enter Your Billing Info” යටතේ ඇතුලත් කරන්න.

පියවර 07 : “Add Additional Services” යටතේ ඔබට අවශ්‍ය අමතර පහසුකම් තෝරා ගත හැකිය.

dinooz-web-solutions-select-plan

Hostgator හරහා Dinooz Web Solutions ලිපි කියවන ඔබට විශේෂ වට්ටමක් හිමි වන අතර එය “Review Order Details” යටතේ දැක ගත හැකිය.

පියවර 08 : දැන් Checkout Now බොත්තම මත click කර ඔබගේ මිලදී ගැනීම සම්පූර්ණ කරන්න. එවිට ඔබගේ නව hosting account එකට අදාල විස්තර (cPanel Login Details) සියල්ල ඔබගේ විද්‍යුත් තැපෑලට ලැබෙනු ඇති.

ඔබගේ වෙබ් අඩවියේ නිර්මාණ කටයුතු ඇරඹීමට ඔබගේ Hostgator cPanel Dashboard එකට login විය යුතුය. WordPress භාවිත කර පියවරෙන් පියවර වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න ආකාරය පිලිබදව ලිපි මෙම Dinooz Web Solutions Blog පිටුවෙහි ඉදිරියේදී පළ කෙරෙනු ඇති.

ඔබගේ නව වෙබ් අඩවියට අවශ්‍ය වෙබ් Hosting පහසුකම Dinooz Web Solutions වෙතින් ලබාගෙන විශේෂ දීමනා රැසක් ලබාගන්න.
1. නොමිලේ domain name එකක්.
2. නොමිලේ SSL පහසුකම.
3. නොමිලේ දිනපතා database backup එකක් හා සතිපතා සම්පූර්ණ වෙබ් අඩවියේ backup එකක් ලබාගැනීම.
4. නොමිලේ WordPress API යාවත්කාලීන කිරීම.
5. නොමිලේ WordPress themes යාවත්කාලීන කිරීම.
6. නොමිලේ WordPress plugins යාවත්කාලීන කිරීම.
7. නොමිලේ දිනකට වෙබ් අඩවියේ තොරතුරු යාවත්කාලීන කිරීම් 1 බැගින් සිදු කිරීම.

Start Now

[:]